ධම්ම වන්ධනාව - HOMAGE TO THE DHAMMA

ධම්ම වන්ධනාව

Homage to the Dhamma

ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති.

බුදු රජාණන් වහන්සේ ධර්මය මනාකොට දේශනා කරන ලදි. එය තමාගේ නුවණින්ම දැක්ක යුතුය. කල් නොයොවා පල දෙන්නේය. ඇවිත් බලන්න යැයි අන් අය කැදවා දැක්විමට තරම් උතුම් ගුණ ඇත්තේ ය. තමාගේ සිතින් එළඹීමට සිතට අරමුණු කිරීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තෝ ය.

Well expounded is the Dhamma ( doctrine ) by the Blesses one to be self realized, with immediate fruit; to be but approached to be seen, Capable of being entered upon; to be attained by the wise each for himself.

ධම්මං ජිවිත පර්යන්තං - සරණං ගච්ඡාමි

යේච ධම්මා අතීතාච - යේච ධම්මා අනාගතා

පච්චුප්පන්නාචයේ ධම්මා - අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මෝ මේ සණං වරං.

ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං

උත්තමංගේන වන්දේහං - ධම්මංච ත්රිවිධං වරං

ධම්මේ යෝ ඛලිතෝදෝසො - ධම්මෝ ඛමතුතං මමං


(මම)ජිවිතාන්ත ය දක්වා ඒ ධර්ම රත්නයේ සරණ යමි.අතීත,අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් ( බුදුන් වදාළ ) ධර්මය මම හැම කල්හි වදිමි.

මට අන් පිහිටක් නැත.ධර්මය මට උතුම්ම පිහිටයි.මේ සත්ය වචනය බලයෙන් මට ජය මංගල්යයක් වේවා!

පයර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද, යන ත්‍රිවිද ධර්මය හිස නමා වදිමි. ධර්මයට මාගෙන් සිදු වු යම් වරදක් ඇත්නම් එයට ධර්මය මට කමා කෙරේවා.

My refuge is the Dhamma until end of my life. The Dhammas of the ages fast the Dhammas that are yet to come. The Dhammas of the present age lowly .I each day, adore! No other Refuge do I seek Dhamma is my matchless refuge BY might of truth in these my words May joyous victory be mine! With my brow. I humbly worship the Dhamma threefold and supreme. If Dhamma I have wronged in aught may dhamma’s acquittance be mine.

බුද්ධ වන්ධනාව - HOMAGE TO THE BUDDHA

බුද්ධ වන්ධනාව

Homage to the Buddha


ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිඳු අනුත්තරෝපුරිසධම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.

ඒ භාග්යවත් බුඳුරජාණනන් වහන්සේ , සියලු පුජාවන් ලැබීමට සුදුසුවීම් ආදි කාරණයෙන් අරහත් නම් වන සේක. සියල්ල තමාගේ ඥානයෙන්ම මනා කොට දත් සේක. පඥාවෙන් හා සිල් ආදි වර්ණ ධර්ම වලින් සම්පුර්ණ වන සේක . යහපත් ගමනින් හා යහපත් වචනයෙන් යුක්ත වන සේක. ලෝකය දන්නා සේක. අන් අයට හික්මවන්නට නොහැකි අය හික්මවිමෙහි සියල්ලටම වඩා සමර්ථ සේක.දෙව් මිනිසුන් ඇතුලු සියල්ලටම ගුරුවරයෙක් වු සේක. සත්ය අවබෝධ කල සේක. සියලු පව් නැසු සේක.

Such, indeed, is that blessed one exaled, omniscient, Endowed with knowledge and virtue, Auspicious, know of worlds, a guide in comparable for the training of individuals teacher of gods and humans, enlightened ,and Holy.

බුද්ධං ජිවිත පර්යන්තං - සරණං ගච්ඡාමි

යේච බුද්ධා අතීතාච - යේච බුද්ධා අනාගතා

පච්චුප්පන්නාචයේ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං.

ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං

උත්තමංගේන වන්දේහං - පාදපංසුවරුත්තමං

බුද්ධියෝ ඛලිතෝදෝසො - බුද්ධෝ ඛමතුතං මමං

(මම) ජිවිතාන්ත ය දක්වා ඒ බුඳුන් සරණ යමි. පසු කාලවල බුදුව වැඩසිටි , මතුකාලවල බුදු බව ලබන, මේ කාලයේ බුදු බව ලැබු සියලු බුදු වරුන් මම හැම කල්හි වදිමි.

මට බුදුන් හැර වෙන පිහිටක් නැත. බුදුන් වහන්සේ මාගේ උතුම්ම පිහිටය. මේ සත්ය වචනය බලයෙන් මට ජය මංගල්යයක් වේවා!

ඒ බුදුන් වහන්සේ ගේ උතුම් පා දුහුවිල්ලද , පය තිබු තැන වු පසද, හිස නමා වදිමි.

බුදුන් වහන්සේ ට මගෙන් සිදු වු යම් වරදක් වේ නම් උන් වහන්සේ මට සමාව දෙන සේක්වා!

My refuge is the Buddha until end of my life. The Buddhas of the ages past. The Buddhas that are yet to come. The Buddhas of the present age. Lowly ,I each day, adore! No other Refuge do I seek Buddha is my matchless refuge BY might of truth in these my words. May joyous victory be mine .With my brow I humbly worship. The blest on his Holy feet. If Buddha I have wronged in aught may the enlightened forgive me!

පඤ්ච ශීලය - THE FIVE PRECEPTS

පඤ්ච ශීලය

The five precepts


01 පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාධියාමි.

02 අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාධියාමි.

03 කාමේසුමිච්ඡාරා වේරමණි සික්ඛා පදං සමාධියාමි

04 මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාධියාමි

05 සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාධියාමි


01 මම පණ ඇති සතුන් මැරීමෙන් වැළකෙමි.

02 අන් සන්තක දේ සොරසිතින් නොගනිමි.

03 කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකෙමි.

04 බොරු කීමෙන් වැළකෙමි.

05 මත්පැන් මත්ද්රව්ය ගැනීමෙන් වැළකෙමි.


01. I take the precept to abstain from killing.

02. I take the precept to abstain from Stealing.

03. I take the precept to abstain from Adultery.

04. I take the precept to abstain from lying

05. I take the precept to abstain from liquor that causas intoxication and needlessness.

තිසරණ - THE THREE REFUGES

වන්දනා

Homage

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ඒ භාග්යවත් සම්මා සම්බුඳුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

Worship to him, the blesses one, the exalted one, the fully Enlightened !

තිසරණ

The Three Refuges

බුද්ධං සරණං ගඡ්ඡාමි

ධම්මං සරණං ගඡ්ඡාමි

සංඝං සරණං ගඡ්ඡාමි

මම බුඳුන් සරණ යමි

මම දහම් සරණ යමි

මම සගූන් සරණ යමි

I go to the Buddha of my Refuge

I go to the Dhamma of my Refuge

I go to the Sangha of my Refuge


ඳුතියම්පි බුද්ධං සරණං ගඡ්ඡාමි

ඳුතියම්පි ධම්මං සරණං ගඡ්ඡාමි

ඳුතියම්පි සංඝං සරණං ගඡ්ඡාමි

දෙවනුව ද මම බුඳුන් සරණ යමි

දෙවනුව ද මම දහම් සරණ යමි

දෙවනුව ද මම සගුන් සරණ යමි

Secondly I go to the Buddha of my Refuge

Secondly I go to the Dhamma of my Refuge

Secondly I go to the Sangha of my Refuge


තතියම්පි බුද්ධං සරණං ගඡ්ඡාමි

තතියම්පි ධම්මං සරණං ගඡ්ඡාමි

තතියම්පි සංඝං සරණං ගඡ්ඡාමි

තෙවනුව ද මම බුඳුන් සරණ යමි

තෙවනුව ද මම දහම් සරණ යමි

තෙවනුව ද මම සගුන් සරණ යමි

For the third time also I go to the Buddha as my Refuge

For the third time also I go to the Dhamma as my Refuge

For the third time also I go to the Sangha as my Refuge

හැදින්වීම - PREFACE

Preface : -

This blog is a religious blog about rituals which are very common religious customs among the Buddhist .Who is the Buddhist? How to become a Buddhist? After talking .The refuge of the triple gem an ordinary lay person become a Buddhist .As soon as accepting the five precepts. He is promoted as a devotee. From then on he does various kinds of religious rites and ceremonies offering flower, lighting lamp, joss sticks, offering food and betel are some of the very ancient rites and rituals performed by the Buddhist.

Through this blog I hope to publish Buddhist Homage. There are three languages namely,

1. Pali

2. Sinhala and

3. English,that is the speciality.

හැදින්වීම :-

සාමාන්ය ගිහි පුද්ගලයෙක් බෞද්ධයෙකු බවට පත්වන්නේ තෙරුවන් සරණ යාමෙනි .සිල්පද පහ පිලිගත් පසුව ඔහු බෞද්ධ උපාසක තනතුරට උසස් වේ .අනතුරුව ඔහු නොයෙකුත් වත්පිලිවෙත් හි යෙදෙයි.බෞද්ධයා නිතරම තමාගේ ආගමේ හෙවත් දර්ශනයේ ගුණ ගායනා කරයි.ගුණ ගායනා කොට නොයෙකුත් පුදපුජා පවත්වයි .මෙය අනාදිමත් කාලයක සිට අඛන්ඬව පැවත එන චාරිත්රයකි.

මෙම බ්ලොග් අඬවිය මගින් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ බෞද්ධ ජනතාව වන්දනා කටයුතු සදහා භාවිතා කරනු ලබන ගාථා පාඨයන්ය .මෙහි ඇති විශේෂත්වය නම් භාෂා තුනකින් එනම්,

01. පාලි

02. සිංහල සහ

03. ඉcග්‍රිසි ,

අදහස ද අන්තර්ගත කරමින් පවත්වා ගෙන යාමයි.

***************************************************