ප්‍රාර්ථනාව - SOME ASPIRATIONS

ප්‍රාර්ථනාව
SOME ASPIRATIONS
ඉමිනා පුඤ්ඤකම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාචා නිබ්බාණ පත්තියා.

මේ පුණ්‍ය කර්මයෙන් මට දුර්ජන ඇසුරක් නොවේවා. නිවන් ලබන තුරු මට සද් ජනයාගේ ආශ්‍රය ලැබේවා.

By virtue of this meritorious deed may.I Nibban be attaned not have fellowship with fools,may i,associate with the good.

බුදුන් ක්ෂමා කර ගැනීම - FORGIVENESS OF FAULTS

බුදුන් ක්ෂමා කර ගැනීම
FORGIVENESS OF FAULTS

කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ භන්තේ
භූරිපඤ්ඤ තථාගත

කය වචනය සිතින් පමාවෙන් කල වරදට මට සමා වුව මැන මා තථගත බුදු හිමියනි.

If by deed,speech or thought heedlessly. I have done aught wrong forgive me a master! a victor Greatly wise.

දෙවියන්ට පුණ්‍යානුමොදනාව - TRANSFERENCE OF MERITS OF ( DEVAS ) GODS

දෙවියන්ට පුණ්‍යානුමොදනාව
TRANSFERENCE OF MERITS OF ( DEVAS ) GODS

ආකාසට්ඨාට භුම්මට්ඨා
දේවානාග මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා
චිරං රක්ඛංන්තු සාසනං

අහසේ වාසය කරනා වුද, පොලොවෙහි වාසය කරන්නාවුද, මහත් ඍද්ධි ඇත්තා වුද, දෙවියෝද, නාගයොද, මේ පින් අනුමොදන්ව බොහෝ කලක් බුදු සසුන රකිත්වා.

May the beings inhabiting space and earth Devas ( Gods ) and Nagas ( Cobra ) of mighty power having shared this merit long protect the Despensation.

දෙවන වර සාසනං වෙනුවට දේසනං ( දේශනාව ) හෝ මේ ගරුං ( මාගේ ගුරුවරයන් ) කියාද තෙවනුව මං පරං ( මා හා අනුන්ද ) කියා යොදා ගත යුතුය.

For Sasanam Substitate ''Desanam'' ( Teaching ) or ''me garu'' ( my teacher ) in the second and ''mam param'' ( me and others ) in the third time.

පුණ්‍යානුමෝදනාව - TRANSFERENCE OF MERITS

පුණ්‍යානුමෝදනාව
TRANSFERENCE OF MERITS

ඉදං මෙ ඤාති නං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ

මේ පිං මාගේ ඥාතීන්ට අයිති වේවා! ඒ නෑයෝ සුවපත් වේවා!

Let this (merit) accurue to relatives,and may they be happy.