බුද්ධ වන්ධනාව - HOMAGE TO THE BUDDHA

බුද්ධ වන්ධනාව

Homage to the Buddha


ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිඳු අනුත්තරෝපුරිසධම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.

ඒ භාග්යවත් බුඳුරජාණනන් වහන්සේ , සියලු පුජාවන් ලැබීමට සුදුසුවීම් ආදි කාරණයෙන් අරහත් නම් වන සේක. සියල්ල තමාගේ ඥානයෙන්ම මනා කොට දත් සේක. පඥාවෙන් හා සිල් ආදි වර්ණ ධර්ම වලින් සම්පුර්ණ වන සේක . යහපත් ගමනින් හා යහපත් වචනයෙන් යුක්ත වන සේක. ලෝකය දන්නා සේක. අන් අයට හික්මවන්නට නොහැකි අය හික්මවිමෙහි සියල්ලටම වඩා සමර්ථ සේක.දෙව් මිනිසුන් ඇතුලු සියල්ලටම ගුරුවරයෙක් වු සේක. සත්ය අවබෝධ කල සේක. සියලු පව් නැසු සේක.

Such, indeed, is that blessed one exaled, omniscient, Endowed with knowledge and virtue, Auspicious, know of worlds, a guide in comparable for the training of individuals teacher of gods and humans, enlightened ,and Holy.

බුද්ධං ජිවිත පර්යන්තං - සරණං ගච්ඡාමි

යේච බුද්ධා අතීතාච - යේච බුද්ධා අනාගතා

පච්චුප්පන්නාචයේ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං.

ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං

උත්තමංගේන වන්දේහං - පාදපංසුවරුත්තමං

බුද්ධියෝ ඛලිතෝදෝසො - බුද්ධෝ ඛමතුතං මමං

(මම) ජිවිතාන්ත ය දක්වා ඒ බුඳුන් සරණ යමි. පසු කාලවල බුදුව වැඩසිටි , මතුකාලවල බුදු බව ලබන, මේ කාලයේ බුදු බව ලැබු සියලු බුදු වරුන් මම හැම කල්හි වදිමි.

මට බුදුන් හැර වෙන පිහිටක් නැත. බුදුන් වහන්සේ මාගේ උතුම්ම පිහිටය. මේ සත්ය වචනය බලයෙන් මට ජය මංගල්යයක් වේවා!

ඒ බුදුන් වහන්සේ ගේ උතුම් පා දුහුවිල්ලද , පය තිබු තැන වු පසද, හිස නමා වදිමි.

බුදුන් වහන්සේ ට මගෙන් සිදු වු යම් වරදක් වේ නම් උන් වහන්සේ මට සමාව දෙන සේක්වා!

My refuge is the Buddha until end of my life. The Buddhas of the ages past. The Buddhas that are yet to come. The Buddhas of the present age. Lowly ,I each day, adore! No other Refuge do I seek Buddha is my matchless refuge BY might of truth in these my words. May joyous victory be mine .With my brow I humbly worship. The blest on his Holy feet. If Buddha I have wronged in aught may the enlightened forgive me!